සාහිත්‍ය සූරි, අධිනීතීඥ ඩබ්ලිව්. ඒ. අබේසිංහ විසින් රචිත “කුමාර හෙට්ටිආරච්චි: මානවවාදී කවියකු සමඟ සාංසාරික චාරිකාවක්” නමැති කෘතිය කේන්ද්‍ර කරගත් විශේෂ සහෘද සාහිත්‍ය සම්භාෂණයක් මැයි 26වන දා සවස 03.00 කොළඹ 07, නිදහස් මාවතේ පිහිටි ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
මෙම උත්සවයෙහි ප්‍රධාන දේශනය පවත්වනු ලබන්නේ මහාචාර්ය සරත් විජේසූරිය විසිනි.
සම්භාෂණ සංකථනය මෙහෙයවීම ප්‍රවීණ සන්නිවේදක සමන් අතාවුදහෙට්ටි විසිනි.
සාහිත්‍යයට සහ කවියට ළැදි සියලු ම සහෘදයන්ට මෙම විශේෂ සාහිත්‍ය සම්භාෂණය සඳහා සහභාගි වන මෙන් සංවිධායක මණ්ඩලය හෘදයාංගමව ආරාධනා කරයි...!

