අල්ලස් කොමිසමේ නිලධාරීන්ට බැණ තර්ජනය කර රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් වන චෝදනා සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්න සැකකාරිය ගේ දියණියට එරෙහිව ගොනු කර ඇති නඩුව ලබන ජූලි මස 21 තෙක් කල් තබන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම ඊයේ (5) නියෝග කළේ ය.
අද දින නඩුව විභාගයට නියමිතව නඩුව කැඳවූ අවස්ථාවේ දී සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ල අල්ලස් කොමිසම සමග ඕනෑම කොන්දේසියක් යටතේ සමථයකට සූදානම් බවට සිදු කළ දැනුම් දීමට අනුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළේ ය. ඒ අනුව අල්ලස් කොමිසම සමග සාකච්ඡා කර අධිකරණයට දැනුම් දෙන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කරමින් විභාගය සඳහා නඩුව ඉදිරි දින තෙක් කල් තබන ලෙස නියෝග කළේ ය.
රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් තොරව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලැබූ නේවාසික රෝගීන්ට ස්නායු ශල්‍ය උපකරණය වැඩි මිලට විකිණීමෙන්, දූෂණය නම් වරද සිදු කරන ලදැයි කියන විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න සැකකාරිය ගේ දියණිය වන ඇප මත මුදා හැර සිටින හේමාලී විජේරත්න චෝදනා සම්බන්ධයෙන් නිවැරදිකාරිය බව සඳහන් කර විභාගය සඳහා නියමිත ය.

