V2025

විනෝදාස්වාද

"80 දශකයේ අපි කණ්ඩායම" පළමුව බදුල්ලට බක්මහ අසිරිය ගෙන යයි !

රට පුරා විසිරි සිටින 80 දශකයේ සමාජිකයන්ගේ එකතුවෙන් සමාජ වගකීම නිසි අවබෝධයෙන් හඳුනාගෙන රට පුරා සමාජ සත්කාර සිදුකරන "80 දශකයේ අපි කණ්ඩායම" විසින් ප්‍රථම වරට බදුලු නගරයට විනෝදාස්වාදය රැගෙන අලුත් අවුරුදු අසිරිය 2024 අප්‍රේල් 7 දින බදුල්ල විල්ස් පාර්ක් පිටිය රැගෙන ආවේ මුලු මහත් බදුලු ජනතාව වෙනස්ම ජීවයක් ගෙන දෙමිනි.

එදින දවස පුරා ජන ක්‍රීඩා රාශියක් , ජන ගායනා ,නැටුම් පැවැත් වු අතර, ජයග්‍රහණය කල අය වෙනුවෙන් වටිනා ත්‍යාග , හා මුදල් ප්‍රදානයන් ලබාදීමට ,සංවිධානය මණ්ඩලය කටයුතු කර තිබිණ . මේ සඳහා බදුල්ල බන්ධනාගාරය ,ශ්‍රි ලංකා පොලිසිය ,බදුල්ල මහ රෝහල, සියලු ආගමික නායකයින්ගේ සහයෝගය හා සහභාගීත්වය දැකිය හැකි වීම තවත් සුවිශේෂී ලක්ෂණයක් විය .

මෙම 80 දශකයේ අපි සංවිධානය විසින් මේ වනවිටත් රට පුරා , අධ්‍යාපනය හදාරන දරුවන්ට උදව් කිරිම, දිළිඳු පවුල් නඟාසිටුවීමේ වැඩසටහන්, ස්වයං රැකියා කිරීමට මග පෙන්විම්, ආගමික වැඩසටහන් රට පුරා සිදු කරමින් මේ වන විටත් සිදු කරමින් සිටියි.

මෙම සංවිධානයේ නිර්මාතෘ අමිල උදාර මහතා ප්‍රකාශ කල සිටියේ රට පුරා සිටින 80 දශකයේ පිරිස් එකතු කරගෙන වඩාත් සාර්ථක සමාජ සත්කාර වලට නිරත වීමට බලාපොරොත්තු වන බවයි. 

View the embedded image gallery online at:
http://www.newstube.lk/entertainment?start=4#sigProIdc40029d520

ප්‍රංශයේදීත් වැඩ පෙන්වූ මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාළගමුව දිවයිනට

ප්‍රංශයේ පෝල් රිකාට් ධාවන පථයේ පැවති යුරෝපියානු ජී.ටී.- 4 මෝටර් රථ ධාවන ශූරතා තරගාවලියට සහභාගී වී , එයින් දෙවන ස්ථානය දිනා ගත් ශ්‍රී ලාංකික මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාළගමුව  අද(10) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .

මෙම තරගය ඉකුත් 05 , 06, සහ 07 යන දින වල ලෝකයේ රටවල් 40 ක මෝටර් රථ ධාවන ශූරයින් විශාල සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් පවත්වා තිබූ අතර ශ්‍රී ලංකාව පමණක් නොව සමස්ථ ආසියාවම නියෝජනය කරමින් ඩිලන්ත මාළගමුව එම තරගයට සහභාගී වී තිබුණි .

ඩිලන්ත මාළගමුව අද උදෑසන 08.20 ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 664 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර , ඔහු පිළිගැනීම සදහා මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එරික් පෙරේරා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් සහ ඩිලන්ත මාළගමුවගේ මිතුරන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

එහිදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ ඩිලන්ත මාළගමුව,  මෙම වසරේ තවත් මෝටර් රථ ධාවන තරග 08 ක් යුරෝපයේ සහ තවත් මෝටර් රථ ධාවන තරග 02 ක් සදහා වශයෙන් මෝටර් රථ ධාවන තරග 10 ක් ඉතිරිව ඇති බවත් ඒවාට හොදින් පුහුණ වී තරග කර ලෝක ශූරතාවය දිනා ගැනීමට තමන් අපේක්ෂා කරන බවත් පැවසීය .

View the embedded image gallery online at:
http://www.newstube.lk/entertainment?start=4#sigProId9ff63a4168

ඉතාලියේ දී යුපුන්ට විශිෂ්ට ජයක්

ශ්‍රී ලංකා සුපිරි ධාවන ශූර යුපුන් අබේකෝන් ඉතාලියේ පැවති තරගාවලියක මීටර් 150 ඉසව්වේ ජය හිමිකරගෙන තිබෙයි.

ඉතාලියේ ෆ්ලෝරන්ස් ස්ප්‍රින්ට් තරගාවලියේ මීටර් 150 ඉසව්වට එක්වූ යුපුන් මීටර් 150 ඉසව්ව තත්පර 15.19ක කාලයකින් අවසන් කරමින් එම ඉසව්වේ පළමු ස්ථානය මෙලෙස හිමිකර ගත්තේය.

එම කාලය මීටර් 150 ඉසව්වේදි ඔහු මෙතෙක් වාර්තා කළ දෙවැනි වේගවත්ම කාලය ලෙසයි සැළකෙයි.

ඒ අනුව මීටර් 150 ඉසව්වේ ආසියානු වාර්තාව ද යුපුන් අබේකෝන් සතුවීම විශේෂත්වයකි.

ලෝක වාර්තා අලුත් කරමින් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්..

වාර්තා රැසක් අලුත් කරමින් බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 328කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.
සිලෙට්හිදී පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම රැස් කළ ලකුණු 280ට පිළිතුරු ලෙස බංග්ලාදේශයට ලබා ගැනීමට හැකිවුයේ, ලකුණු 188ක් පමණයි.

පළමු ඉනිමේ වැඩි වාසි අතැතිව, දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 418ක් රැස් කළේ ය.

නායක ධනංජය ද සිල්වා ඉනිම දෙකේදීම ශතක රැස් කළ අතර, ඔහු වාර්තා අතරට එක්වුයේ වසර 10කට පසුව ටෙස්ට් ක්‍රිකට් තරගයක ඉනිම දෙකේදීම ශතක රැස් කළ ශ්‍රී ලාංකික පිතිකරුවා ලෙසයි.

වමත් පිතිකරු කමිඳු මෙන්ඩිස් ද නායකයාට උපරිම සහයෝගය ලබා දෙමින්, ඉනිම දෙකේදීම සාර්ථක ශතක දෙකක් රැස් කිරීමට සමත් විය.

එය වාර්තා පොත් අතරට එක් වුණේ ටෙස්ට් තරගයකදී අංක 7 හෝ ඉන් පහළ පිතිකරුවෙක් ඉනිම දෙකේදීම ශතක දෙකක් රැස් කළ ලොව පළමු අවස්ථාව ලෙසයි.

ටෙස්ට් තරගයක ඉනිම දෙකේදීම ශතක රැස් කළ ලොව තුන්වැනි පිතිකරු යුගලය ලෙස ධනංජය හා කමිඳු වාර්තා පොත් අලුත් කළේය.

ඒ අනුව, ලකුණු 511ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වුයේ ලකුණු 182ක් පමණයි.

කසුන් රාජිත කඩුලු 5ක් දවා ගැනීමට සමත් විය.

විශ්ව ප්‍රනාන්දු කඩුලු 3ක් දවාගත් අතර ළහිරු කුමාර කඩුලු 2යි.

තරගයේ වීරයා සම්මානය ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වාට හිමිවිය.

මෙම තරග ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාව ලෝක ටෙස්ට් ශූරතාවලියේ ලකුණු සටහනේ ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණියේ ය.

ඒ අනුව, ශ්‍රී ලංකාව ලෝක ටෙස්ට් ශූරතාවලියේ ලකුණු සටහනේ රැදී සිටින්නේ 6වැනි ස්ථානයේයි.

Page 2 of 35