V2025

විනෝදාස්වාද

'චන්ද්‍රයාන් 3 වික්‍රම්' සඳට ගොඩබසී

ඉන්දියාවේ 'චන්ද්‍රයාන් 3 වික්‍රම්' රොබෝ සාර්ථකව සඳට ගොඩබෑවේය.

'චන්ද්‍රයාන් 3 වික්‍රම්' යානය පතිත කළේ සඳුගේ දක්ෂිණධ්‍රැවයේ තෝරාගත් ස්ථානයකටය. සෝවියට් දේශය, ඇමෙරිකාව සහ චීනයට පසු සඳට රොබෝ යානයක් පතිත කළ සිවුවැනි රට ඉන්දියාව වීම විශේෂත්වයකි.

ඊට අමතරව, සඳුගේ දක්ෂිණධ්‍රැවයේ ස්ථානයකට රොබෝ යානයක් පතිත කළ පළමු රට ඉන්දියාවය. යානය සඳට ගොඩබෑවේ පස්වරු 6.04 ටය. ඊට පෙර යානය මිනිත්තු 20 ක අවදානම් කාලසීමාවක් තුළ, සඳුගේ කක්ෂයේ සිට පහළට ගමන් කළ බව ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය පැවැසීය.

'චන්ද්‍රයාන් 3 වික්‍රම්' රොබෝ යානයේ සඳට පතිත කිරීමේ වික්‍රමය පස්වරු 5.20 සිට සජීවීව විකාශය කිරීමට ද ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය පියවර ගත් අතර ලොව බොහෝ දෙනකු එය නැරැඹූ බව වාර්තා වේ. ඉන්දියාව පුරා පාසල් බොහොමයක මෙම කාලසීමාව තුළ විවෘතව තැබෙන බවත්, සිසුන්ට ද සජීවී දසුන් නැරඹීමට ඉඩ ලැබුණි.

'බ්‍රික්ස්' සමුළුවට සහභාගී වීමට දකුණු අප්‍රිකාවට ගොස් සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සජීවීව ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය සමඟ සම්බන්ධ වෙමින්, යානයේ ගොඩබෑම නැරැඹීය. යානය සාර්ථකව ගොඩබෑමත් සමඟ ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයන් අමතමින් සුබ පැතීමට මෝදි අමතක නොකළේය.

'චන්ද්‍රයාන් 3' වික්‍රමය සාර්ථක වීමෙන් පසු දකුණු අප්‍රිකාවේ සිටි අග්‍රාමාත්‍ය මෝදි, ජාතිය ඇමැතුවේය. ඉන්දියාව මීට පෙර 'චන්ද්‍රයාන් 2' මෙහෙයුම යටතේ ද 'වික්‍රම්' නමින් රොබෝ යානයක් සඳට පතිත කිරීමට උත්සාහ ගත්තේය. කෙසේ නමුත් එය අසාර්ථක විය. එම යානය සඳට කඩා වැටුණි.

'චන්ද්‍රයාන් 3' මෙහෙයුම ක්‍රියාත්මක වන්නේ 'චන්ද්‍රයාන් 2' මෙහෙයුමේ දී සිදුවුණු දෝෂ නිවැරදි කරමිණි. 'චන්ද්‍රයාන් 3' මෙහෙයුම යටතේ සඳට පතිත කළ 'වික්‍රම්' යානය තුළ කුඩා රෝවර් යානයක් ද ඇත. රෝවර් යානය ‘ප්‍රාග්යාන්’ යනුවෙන් ද නම් කර තිබේ. රෝවර් යානයට සඳ මතුපිට එහෙමෙහෙ යමින් ගවේෂණය කිරීමට හැකිය.

ශ්‍රී ලංකාවේ අවුරුදු 03ක දැරියකගෙන් ලෝක වාර්තාවක්

ශ්‍රී ලාංකික දැරියක් විසින් අසාමාන්‍ය හැකියාවක් ප්‍රදර්ශනය කරමින් ජාත්‍යන්තර වර්තාවක් තබා තිබේ.

ලෝක රාජ්‍ය නායකයින් 40 දෙනෙකුගේ ඡායාරුප බලා එම රාජ්‍ය නායකයින්ගේ නම් විනාඩියයි තත්පර හයකින් හදුන්වාදි ජාත්‍යන්තර වර්තාවක් තැබිමට හැටන් කොටගල ප්‍රදේශයේ අවුරුදු 03ක් වයසැති දැරියක් සමත් වි ඇත.

ඉන්දියාවේ සිට ක්‍රියාත්මක වන International Book Of Records නැමති ජාත්‍යන්තර වාර්තා පොතෙහි වාර්තාවක් පිහිටුවිම සදහා අන්තර්ජාලය ඔස්සේ එම දැරිය ඉකුත් අප්‍රේල් මස 06වැනිදා ඉදිරිපත්ව තිබේ.

සෙන්තුල් කුමාර් භවිෂනා නැමති එම දැරිය පරිගණකයෙන් ලෝක රාජ්‍ය නායකයින්ගේ ඡායාරුප බලා එම රාජ්‍ය නායකයින්ගේ නාමයන් විනාඩි01යි තත්පර 06 ක් වැනි ඉතා කෙටි කාලයකදී නම් කර එම වාර්තාව තැබු බව එම දැරියගේ පියා වන සෙන්තුල් කුමාර් මහතා පැවසිය.

තම දියණිය විසින් ජාත්‍යන්තර වාර්තා පොතෙහි වාර්තාවක් පිහිටුවිම හේතුවෙන් ඇයට හිමි සහතිකය සහ පදක්කම තම දැරිය වෙත මේ වන විට එවා ඇති බවයි දැරියගේ පියා පැවසීය.

කොටගල ඩ්‍රෙටන් වතුයායේ පදිංචි තමන් වෘත්තියෙන් කොටගල තැපැල් කාර්යාලයේ සේවය කරන බවත්, තම බිරිද ගුරු වෘත්තියේ නියැලි සිටින බවත්, වාර්තාව පිහිටවනු ලැබුවේ තම වැඩිමහල් දියණිය බව සෙන්තුල් කුමාර්  කියා සිටියේය.

රුසියාවේ Luna යානය සඳ මත කඩා වැටේ

රුසියාව, වසර 47කින් පසු පළමුවරට සඳ වෙත යැවූ ලූනා 25 යානය සඳේ පෘෂ්ඨය මතට කඩා වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව සෙනසුරාදා පස්වරු 2.57 ට පමණ  Luna-25 සමඟ සන්නිවේදනය අහිමි වී ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරයි.

පසුගිය 11 වනදා සඳේ දක්ෂිණ ධ්‍රැවයට ගොස් බැස්වීමට සැලසුම් කළ, මිනිසුන් රහිත යානය සඳ බලා ගමන් ආරම්භ කර ඇති අතර, 800kg බරැති මෙම ගවේෂණ යානය සඳුදා චන්ද්‍ර දක්ෂිණ ධ්‍රැවය මතයානය හෙට (21) දිනයේදී සඳ මත ගොඩබැස්වීමට නියමිතව පැවති නමුත් සැලසුම්කළ පරිදි ගොඩබැස්වීමේ පථයට ළඟාවීමට යානය අපොහොසත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අඟහරු ග්‍රහයාගේ චන්ද්‍රයන් ගවේෂණය කිරීම සඳහා 1989 දී සෝවියට් සංගමය Phobos 2 ගවේෂණයෙන් පසුව රුසියාව අභ්‍යවකාශ වස්තුවක් මත ගොඩබෑමට උත්සාහ කර නොමැත.

 ශීත කළ ජලය සහ වටිනා මූලද්‍රව්‍ය ඇති  බවට  විද්‍යාඥයන් සිතන  සඳෙහි කලාපයක් ගවේෂණය කිරීම අරමුණ වී ඇති අතර, මෙම යානය  දළ වශයෙන් කුඩා මෝටර් රථයක ප්‍රමාණයෙන් යුත් එකක් වන අතර එය දක්ෂිණ ධ්‍රැවයේ වසරක කාලයක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කර තිබු බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

MRS EARTH 2023 ජය ශ්‍රී ලංකාවට

Mrs Earth 2023 ජාත්‍යන්තර තරගය පිලිපීනයේ මැනිලා නුවර පැවැත්වූ අතර , ශ්‍රී ලංකාව නියෝජනය කරමින්, සහභාගී වූ සශ්මි දිසානායක එහි කිරුළ ජයග්‍රහණය කර ඇත.

Mrs Earth International කිරුළ ජයග්‍රහණයට අමතරව සශ්මි දිසානායක විසින් Mrs Earth Best in Catwalk, Mrs Earth Overall Best in Gown, Mrs Earth Overall Best In Resort wear, Mrs Earth Best In Talent යන අනු තරගාවලි සියල්ලම ජයග්‍රහණය කර ඇත.

Mrs Earth Sri Lanka 2023 තරගයේ ජාතික අධ්‍යක්ෂ චරිත් ගුණසේකර වන අතර ඇයගේ පුහුණුකරු, ලෙස රුක්මල් සේනානායක කටයුතු කර ඇති අතර , Mrs Earth 2023 තරඟාවලියට පිලිපීනය, ජපානය, ඇමරිකාව, තායිලන්තය, එක්සත් අරාබි එමීර්, සිංගප්පූරුව, නයිජීරියාව ඇතුලු රටවල් රැසක් නියෝජනය කරමින් තරගකාරියන් එක්ව ඇත.

Screenshot 2023 07 22 at 15.58.48

Page 10 of 35