V2025

විනෝදාස්වාද

ශ්‍රී ලංකාව කඩුලු 10කින් ඇෆ්ගනිස්තානය පරදවයි

ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව පැවති ටෙස්ට් තරගය කඩුලු 10කින් ජය හිමිකරගැනීමට ශ්‍රී ලංකාව අද (05) සමත්විය.

එහිදී දෙවන ඉනිමේදී ලකුණු 56ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 7යි පන්දු 2කදී ජයග්‍රාහී ඉලක්කය පසුකර යෑමට ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

සිව් දිනක් පුරා පැවැති ටෙස්ට් තරගයේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සිය දෙවන ඉනිම ලකුණු 296කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්විය.

ඒ අනුව, මෙම ටෙස්ට් තරගය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට දෙවෙනි ඉනිම සඳහා ලකුණු 56ක ඉලක්කයක් හිමි වූ අතර, ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 07යි පන්දු 02ක් අවසානයේ කඩුළු කිසිවක් නොදැවී ලකුණු 56ක් ලබා ගත්තේය. එහිදී දිමුත් කරුණාරත්න නොදැවී පන්දු 22කට මුහුණ දෙමින් හයේ පහරක් සහ හතරේ පහර 3ක් සමග ලකුණු 32ක් ලබා ගැනීමට සමත් වූ අතර නිශාන් මදුෂ්ක ද නොදැවී පන්දු 23 කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමග ලකුණු 22ක් ලබා ගත්තේය.

2024 වසරේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය ලෙස පසුගිය දා ආරම්භ වූ මෙම තරගාවලියේ දී පළමු තරගයෙන්ම මෙලෙස කඩුලු 10ක අද්විතීය ජයක් අත්පත් කරගන්නට ධනංජය ද සිල්වා ප්‍රමුඛ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම සමත් වීම විශේෂත්වයකි.

කොලිවුඩ් නළු විජයකාන්ත් අභාවප්‍රාප්ත වෙයි

සුපිරි කොලිවුඩ් නළු නාරායනන් විජයරාජ් අලගර්ස්වාමි හෙවත් විජයකාන්ත් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

DMDK (දේශිය මුර්පොක්කු ද්‍රවිඩ කසාගම්) පක්ෂයේ නිර්මාතෘවරයා වන විජයකාන්ත්, කොවිඩ් වැළඳීමෙන් චෙන්නායිහි දී මිය ගොස් ඇති බව ඉන්දීය මාධ්‍යය වාර්තා කරයි.

මිය යන විට ඔහු 71 වැනි වියේ පසු විය.

හදවතේ ගායකයා සුවය ලබා ගෙදර යයි !

ගායන ශිල්පී චාමර වීරසිංහ සුවය ලබා කළුබෝවිල රෝහලේ සිට ඊයේ (27) සිය නිවස බලා පිටත්ව ගිය බව රෝහල් ආරංචිමාර්ග පවසයි.

චාමර වීරසිංහ ශ්වසන අපහසුතාවක් නිසා දින 40කට ආසන්න කාලයක් කළුබෝවිල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබීය.

එහිදී ඔහු උගුරේ සහ උදරයේ සැත්කම් දෙකකට ලක් කළ තිබුණ බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි .

මේ පාර බෙත්ලෙහෙමේ නත්තල් නෑ !

කතෝලිකයින් අතර අතිශය පූජනීය නගරයක් වන බෙත්ලෙහෙමේ වෙනදා නත්තල් සැමරුම් පැවැත්වූවත් මෙවර නත්තල් සැමරුම් සිදු නොවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ, අද වනවිට බෙත්ලෙහෙම පාලනය වන්නේ පලස්තීන නගරයක් ලෙස වීම හේතුවෙනි.

සාම්ප්‍රදායිකව නගරය තුළ අතිඋත්කර්ෂවත්ව නත්තල සැමරුම් සිදුවුවත්, මේ වනවිට ගාසා තීරයට එල්ල වන ප්‍රහාරවලට විරෝධය පළකරමින් ඔවුන් මෙවර නත්තල් සැමරුම් අත්හිටුවා තිබේ.

මෑත ඉතිහාසයේ බෙත්ලෙහෙම් නගරය තුළ නත්තල් සැමරුම සිදු නොවන්නේ පළමු වරටය.

නත්තල් උදාව වෙනුවෙන් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ සහභාගි වන ප්‍රධාන දේව මෙහෙය වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේදී පැවැත්වෙයි.

Page 4 of 35