V2025

ආර්ථික

ගෑස් හිඟයක් : ලාෆ් ගෘහස්ථ ගෑස් සිලින්ඩර පිරවීම නතර කරලා !

ජාතික මට්ටමේ ගෑස් හිඟයක් සම්බන්ධව දැඩි ආණ්ඩු හිතවාදී සමාජ මාධ්‍ය වෙබ් අඩවි අනතුරු අඟවයි.

ඊට අනුව, ලාෆ් ගෑස් සමාගම විසින් ගෑස් බෙදා හරින මාබිම මධ්‍යස්ථානය අද (28) දින සිට වසා තබන බව එහි සේවකයන්ට දන්වා ඇති බව දැඩි ආණ්ඩු හිතවාදී වෙබ් අඩවියක් වන ලංකා සී නිව්ස් කරයි.

අදාළ පුවතේ දැක්වෙන ආකාරයට එම සමාගමේ හම්බන්තොට ගෑස් පර්යන්තය ද පසුගිය සිකුරාදා දිනයේ සිට වසා දමා තිබේ.

එහි වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

එම සමාගම නැවතත් ලබන පළමු වන දා සිට මා බිම පර්යන්ත විවෘත කිරීමට සැලසුම් කර තිබෙන බවද සේවකයනට දන්වා තිබේ.

ජාත්‍යන්තර ගෑස් මිල ගණන් ඉහළ දැමීම හේතු කරගෙන ගෑස් ආනයනය නතර කරන බව එම සමාගම දැනුම් දී තිබිණි.

කෙසේ වෙතත් ගෘහස්ථ ගෑස් සිලින්ඩර පිරවීම නතර ගෑස් යොදා සිදුකරන වෙනත් සේවාවන් අඛණ්ඩව සැලසීමට එම සමාගම කටයුතු කරමින් සිටී.

ආණ්ඩුවේ ජාතික අපරාධයක් : සැහැල්ලු දුම්රිය අත්හැර දැමුවාට ජපානයට මිලියන 5896 ක් ගෙවන්න වෙලා !

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ රජය පත්වීමත් සමඟ අවලංගු කරන ලද සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියකට සම්බන්ධ වූ ජපානය පදනම් කරගත් උපදේශන සමාගමට ශ්‍රී ලංකාව ගෙවිය යුතු මුදල රුපියල් මිලියන 5,896 ක් බව විගණකාධිපතිවරයා අනාවරණය කර තිබේ.

ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම සදහා මාස ගණනාවක් පුරා අවශ්‍ය කටයුතු සැකසීමෙන් පසුව අදාළ සමාගමට මෙම ව්‍යාපෘතිය නතර කරන ලෙසට ශ්‍රී ලංකා රජය විසින් දැනුම්දෙන ලදි.

එවකට පාඨලී චම්පික රණවක  අමාත්‍යධූරය දැරූ මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියත්මක වූ මෙම ව්‍යාපෘතිය ජපානයේ ජයිකා ආයතනයේ සහණදායී ණය පහසුකමක් යටතේ ආරම්භ කරන ලද ව්‍යාපෘතියක් වන අතර කොළඹ කොටුවේ සිට මාළඹේ දක්වා කණු මතින් ඉදිවන දුම්රිය මාර්ගයක් සහ සැහැල්ලු දුම්රිය ප්‍රවාහන පද්ධතියක් ඊට ඇතුළත්ය.

ණය ගිවිසුම් අංක 2019011 යටතේ මෙම ව්‍යාපෘතිය ගැන විමර්ශනය කළ විගණකාධිපතිවරයා විසින් ඉහත මුදල ජපාන සමාගම වෙත ගෙවා ඇති බවට අනාවරණය කර ඇති අතර එය රජයේ කිසිදු විධිමත් මූල්‍ය ප්‍රකාශනයක සදහන් කර නොමැති බවද දක්වා ඇතැයි වාර්තා වේ.

(මව්රට )

ලංකාවේ බැංකු පද්ධතිය අවධානමේ : ෆිච් රේටිං ලෝකයටම දැනුම්දෙයි !

ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය මේ වනවිට දැඩි අවදානමකට ලක්ව ඇති බව ජාත්‍යන්තර මූල්‍ය වර්ගීකරණය ආයතනයක් වන ෆිච් රේටිං ආයතනය අනාවරණය කර ඇත.

ෆිච් රේටිං ආයතනය නිකුත් කර ඇති නවතම වාර්තාවක සඳහන් වන්නේ විදේශ විනිමය මගින් රජය විශාල වශයෙන් නිකුත් කර ඇති සුරැකුම්පත් ප්‍රමාණය හා ප්‍රාග්ධනය දුර්වල වීම නිසා මෙම තත්වයට පත්ව ඇති බවය.

2020 වසර අවසාන වනවිට ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය සතුව ඇති වත්කම් වලින් තුනෙන් එකක් රජයට විවෘත වී ඇති බවද සඳහන් කරන එම වාර්තාව දේශීය බැංකු රජයේ සුරැකුම්පත් මිලදී ගැනීම් හරහා විදේශ විනිමය වෙළෙඳපොළ විවෘත වී ඇතැයිද කියා සිටියි.

වැඩිදුර තොරතුරු සඳහා සබැඳිය පහත දැක්වෙයි.

Large Sri Lankan Banks Most Exposed to Sovereign Risk

ලංකාවේ සූර්ය බල ව්‍යාපෘතීන් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 100ක ණය පහසුකමක්

මෑතකදී නිමා වූ ශ්‍රී ලංකා ආයෝජන සංසදය අමතමින්  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  අවධාරණය කළ පරිදි වසර 2030 වන විට ශ්‍රී ලංකාවේ ජාතික බලශක්ති අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපුරාලීම සඳහා ඔහුගේ  දැක්ම යථාර්ථයක් කරමින් ඒ සඳහා ශ්‍රී ලංකාව සමඟ අත්වැල් බැඳගත් පළමු රට බවට ඉන්දියාව පත්ව තිබේ.
 
මේ අනුව සූර්ය බල ක්ෂේත්‍රයේ ව්‍යාපෘතීන් සඳහා ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 100ක ණය පහසුකමක් ප්‍රදානය කරමින් ශ්‍රී ලංකා රජය සහ ඉන්දියාවේ අපනයන-ආනයන බැංකුව අතර අත්සන් තැබුණු ගිවිසුමක්  ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ  සහ භාණ්ඩාගර ලේකම් එස්. ආර්. ආටිගල  අතර හුවමාරු කර ගන්නා ලදී. 
 
මෙම අවස්ථාවට  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද සහභාගී විය.
 
ඇමරිකානු ඩොලර් මිලියන 100ක මෙම ණය පහසුකම 2018 මාර්තු මාසයේ පැවති ජාත්‍යන්තර සූර්ය බල සන්ධානයේ සමාරම්භක සමුළුවේදී ප්‍රකාශයට පත් කරන ලද ව්‍යාපෘතීන් ඇතුළු නිවාස සහ රජයේ ගොඩනැගිලි මත සූර්ය පැනල පද්ධතීන් සවි කිරීම වැනි ශ්‍රී ලංකාවේ සූර්ය බල ක්ෂේත්‍රයේ විවිධ ව්‍යාපෘතීන් සඳහා අරමුදල් සපයනු ඇත. 
 
4. සූර්ය බලය මහා පරිමාණයෙන් යොදා ගැනීම ප්‍රවර්ධනය කිරීමට සහ තාක්ෂණය, අරමුදල් සපයා ගැනීම සහ ධාරිතාවය යනාදිය සම්බන්ධයෙන් වන අභියෝග ජයගැනීමට රටවල් එකට එක් කිරීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍යතුමා සහ ප්‍රංශ ජනාධිපතිතුමා විසින් ඒකාබද්ධව එළිදක්වන ලද ජාත්‍යන්තර සූර්ය බල සන්ධානයේ ගිවිසුම් රාමුවට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 89ක් අත්සන් තබා ඇත. 
 
5. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  සහ ඉන්දීය මහ කොමසාරිස්තුමා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව විසින් සූර්ය බල ක්ෂේත්‍රය සඳහා සම්පාදනය කර ඇති ජාතික අරමුණු අතර පවතින විශ්මයජනක සමානතාවය සම්බන්ධයෙන් සාකච්ඡා කළහ. 
 
පසුගිය වසර 7 තුළ ඉන්දියාවේ සූර්ය බලශක්ති උත්පාදනය 2014 මාර්තු මාසයේ වාර්තා වූ ගිගා වොට් 2.6 පමණ සිට 2021 වන විට ගිගා වොට් 34.6 දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. මෙය ගිගා වොට් 100ක් හා ඉන් ඔබ්බට තවදුරටත් වර්ධනය කිරීමට ඉන්දියාවේ ජාතික සූර්ය බල මෙහෙයුම ඉලක්කය කරයි. 
 
6. පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය තුළ අප දෙරට විසින් බෙදා ගනු ලබන දැක්ම විසින් පිළිඹිබු වන්නේ අපගේ පොදු ප්‍රමුඛතාවයන් සහ තිරසාර සංවර්ධනය සඳහා වන ප්‍රවේශයන්හි පවතින ඒකාත්මික භාවයයි. මෙම වැදගත් අංශය තුළ සහයෝගීතාවය ශක්තිමත් කිරීම අපගේ සමස්ත බලශක්ති සහයෝගිතාවය ඉහළ නැංවීමට ඉවහල් වනු ඇති අතර දේශගුණික විපර්යාස සහ කාබන් විමෝචනය අවම කිරීම සඳහා අපගේ ගෝලීය ප්‍රයත්නයන්ට ද දායක වනු ඇත. 
 

පාන් මිලත් ඉහළට !

එන සතියේ පටන් සාමාන්‍ය පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර ඇති බව ආණ්ඩු හිතවාදි සී නිව්ස් වෙබ් අඩවිය වාර්තා කරයි.

ඊට අනූව සංගමයේ සභාපති සභාපති එන්.කේ. ජයවර්ධන පෙන්වා දෙන්නේ තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 18 කින් ඉහල දැමීම හේතුවෙන් මෙම පියවර ගත් බවය.

මීට පෙර ඉන්ධන මිල වැඩි කිරීම නිසා පාන් හැර සෙසු බේකරි නිෂ්පාදන මිල රුපියල් 5-10ත් අතර ප‍්‍රමාණයකින් ඉහළ දසන ලද බවද බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති පවසා ඇත.

Page 8 of 8