2019 නොවම්බර් මාසය ලංකාවේ අපිට ඉතිහාස ගත මාසයක් වුයේ අලුත් ජනාධිපතිවරයෙකු  තෝරා ගැනීමට පැවති මැතිවරණයෙන් ගෝඨාභය  රාජපක්ෂ මහතා ලංකාවේ හත් වන ජනාදිපතිවරයා බවට පත් වීමෙනි .
 
එම මැතිවරණයේදී රාජපක්ෂ වරු නැවත බලයට පැමිණෙන බව මෙරට ඔත්තු සේවා මෙන්ම විදේශ ඔත්තු සේවාද ගණන් බලා තිබුණි විශේෂයෙන්  චීනය  ඒ වෙනුවෙන් ප්‍රබල මැදිහත් වීමක් ලංකාව තුලත් ඉන් පිටතත් සිදුකර තිබුණි .
 
කෙසේ වුවත් මෙම මාසයේම චීනයේ වුහාන් පළාතේ වෛද්‍යවරයෙකු(ඔහු පසුව මියගිය බව චීනය නිවේදනය කළේය ) යු ටියුබයට වීඩියෝවක් නිකුත් කරමින් අබිරහස්  වයිරස් උන රෝගයක් පැතිර යන බවත් එය එමගින් ශරීරයේ ඉන්ද්‍රියන්ට මාරාන්තික හානි සිදුකරන බවත් ලෝකයට හෙළි කළේය .
 
 එකස්ත් ජාතීන්ගේ සංවිධානයේ හා ලෝක සාක්‍ය සංවිධානයේ අවධානය එසැනින්ම එයට යොමු වූ අතර පෙබරවාරි මාසයේ දී වාර්ෂකව සිදුවන චීන නව අවුරුදු නිවාඩුවේදී මෙය ලෝකය පුරා පැතිර යෑමේ අවධානමක් ඇති බව ලෝකයට අනතුරු හැගවූ අතර  වසංගතයකට රටවල් මුහුණ දියයුතු අකාරය හා  සමාජය සුදානම් කිරීම  පිළිබද උපමාන ඇතුලත් මොඩයුලයක් ලෝකයේ සියලුම ආණ්ඩු වෙත නිකුත් කළේය .
 
එහි ප්‍රදානතම නිර්දේශයක් වුයේ චීන නව අවුරුදු නිවාඩුවට චීනයට යන අයට හා චීනයෙන් පැමිණෙන අයට දේශසීමා වසා දමා ඔහුන් ට බාදා පමුණුවන ලෙසයි .මෙම තීරණයට  ඇමරිකානු ජනාදිපතිවරයා තදින් විරුද්ඩ් වූ අතර ලෝකයේ බහු ජාතික සමාගම් අතර ඔහු එක රැයකින් වීරයෙක් බවට පත් විය .ලංකාවේ ආණ්ඩුවද ඇමරිකානු ජනාදිපති වරයාගේ මග යමින් තවත් ඉදිරියට ගොස් ඔහුන්ට (චීන සංචාරකයින්ට )ලංකාවට පැමිණෙන ලෙස ඉල්ලා විශාල ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කළේය .
 
නමුත් චීන ජාතිකයන්ගේ බහුල ගමනාන්ත වන නවශිලන්තය, දකුණු කොරියාව.ඔස්ට්‍රේලියාව .ෆිජි  හා තායිවානය වැනි රටවල් චීන තොටුපලවලින් පැමිණෙන අයට දේශ සිමා වසා දැමිය .එසේම ලෝක සෞකය සංවිධානයේ නිර්දේශ තදින් පිළිපැදීමට ලෝකයේ බහුතර රටවල් යාන්ත්‍රණ ගොඩනැවිය,  නමුත් ඇමරිකාව ඔහුන්ගේ ම ගමනක් සැලසුම් කල අතර ආර්ථිකය හා  මහජන සෞඛ්‍ය  අතර ඇති සන්බන්දය අවබෝද කර ගැනීමට ට්‍රම්ප්  ජනාධිපති  අසමත් විය.
 ප්‍රතිපලය වුයේ මාර්තු මාසය වන විට චීන සංචාරකයින් වයිරසය ලෝකයේ සැම සමාජයකටම රැගෙන ගොස් තිබුණි .
 
බරපතල ගෝලීය වසංගතයකට  හෝ වසංගතයකට මුහුණ දීම වෙනුවෙන් ආයෝජනය කිරීම වැදගත් අතවශ්‍ය කටයුත්තක් ලෙස සලකන බටහිර රටවල් හා එම  රටවල ආණ්ඩු වසංගතයක අවදානම හා කළමනාකරණය පිළිබද හොදින් දැනුවත්ව මාර්තු මාසයට පසු එලෙබි මාස කිහිපය තුල එයට මුහුණ දී එය පාලනය කළේය එසේම ඔහුන් අඩුම ආර්ථික හානියකින් එය විදිමත් කලමනාකර්නයකට යටත් කළේය .අඩුම තමින් බැලු බැල්මට චිනය පවා මෙයි අවධනම තේරුම් ගෙන මැනවින් පාලනය කළේය .
 
නමුත් වසංගතයක දිග පළල පිළිබද අවබෝදයක් නැති සමහර රටවල නායකයින්ට මෙය තවත් දේශපාලන අවස්ථාවක් විය .වසංගත කළමනාකරණය වෙනුවට  තම වීර කාව්‍ය මාධ්‍ය තුල ප්‍රචාරයට අවස්ථාවක් කර ගත්තේය විශේෂයෙන් ජාතික වාදී රැල්ල මගින් බලටය පත් වූ රටවල මෙය විශේෂය .ඇමරිකාව, බ්‍රිතාන්‍ය .බ්‍රසීලය ,ඉන්දියාව ,පිලිපීනය ,මියන්මාරය ගෝතමාලාව හා බොහෝ අප්‍රිකානු හා ලතින් ඇමරිකානු රටවල් පරිකශ්න පැවැත්වීම අවම කරමින් පහල ආශාදිත් අංක පවත්වා ගනිමින් ලෝක සවුකය සංවිදානය ඉදිරිපත් කරන වැඩපිළිවෙලෙහි විශ්වාසය බිද දැම්මේය .එහි ප්‍රතිපලය ලෝකයේ බොහෝ රටවලට වසංගතය කළමනාකරණයට ජනතාව නැබුරු කර ගැනීම අපහසු වීමයි ..නමුත් නවශ්ලන්තය එක්ස්ත් ජාතීන්ගේ මොඩුලය ක්‍රියාත්මක කොට  හරියටම සති පහක් තුල රටේ ආර්ථිකය සුපුරුදු ලෙස ක්‍රියාත්මක කොට ජන ජීවිතය යතාතත්වයට පත් කළේය . 
 
ලෝකයට දෙවන ලෝක යුද්දයට පසු සිදු කරන ලද  විශාලම හානිය සිදු කරමින් කොවිඩ් 19  වසංගතය ගෝලීය වසංගතයක් බවට පත් වී තිබේ .නමුත් පර්යේෂණ මට්ටමේ තිබු වැක්ශීනය ලබා දීම ඉදිරි මාස කීපයේදී ඇර්බෙනු ඇත .
 
ලංකාවට එය ලැබෙනුයේ හෝ ආණ්ඩුව මැදිහත්ව ලබා ගනුයේ කෙතරම් වේගයෙන්ද යන්න තීරණය වන්නේ මෙරට නායකයින්ගේ දැනුම අවබෝධය ප්ර්මුකතාවයන් මතය ..කවුරුන් කෙසේ කීවද මේ ලියුම් කරුගේ අදහස ලංකාව ඉන්නේ මෙයට ඉතාම දුර්වල විදියට මුහුණ දුන් රටවල් අතරය .අඩුම තරමේ චීනය පරීකෂා කිරීම් ඉතාම කර්කෂ්මව සිදු කරන අතර ඔහුන්ගේ මරණ හා රෝගීන් හෙළි නොකරන බවටද බටහිර ඔත්තු සේවා පෙන්වා දෙයි .
ලංකාව පරීකෂා කිරීම් සිදු නොකරයි රෝගය සමාජය තුල ඇත්දැයි දැනගැනීම සෙවිය යුතුය .පරික්ෂා නොකළහොත් රෝගීන් නැත.ලංකාවේ ලියාපදිංචි මරණ සන්කයව 2019 සාපේක්ෂව2020 දී  ඉහල අගයක් ගෙන තිබේනම් එමගින් අප වසංගතයෙන් බැට කෑ තරම බලා ගත හැකිය .
එය අනාගතයේදී විසදෙනු ඇත .
 
තුෂාර දේශප්‍රිය වන්නිආරච්චි