Language Switcher

V2025

රජුන් තැනූ මංගලගෙන් අලුත් වැඩක් !

පාර්ලිමේන්තු දේශපාලනයෙන් ඉවත්වූ රුහුණු පුත්‍ර මංගල සමරවීර දැඩි නිහඩියාවකින් පසුවෙමින් වත්මන් දේශපාලනික සංක්‍රාන්ති සමය වෙනස් ආකාරයක නිරීක්ෂණයන්ට නතුකරමින් කාලය ගතකරන අල්ලපනල්ලේ වත්මන් ආණ්ඩුව හිරිවට්ටන ප්‍රහසනාත්මක මෙන්ම ආන්දෝලනාත්මක වීඩියෝ දර්ශනයකට සහභාගී වෙමින් සමස්ත සමාජය මෙන්ම වත්මන් ආණ්ඩුවද යම් තිගැස්මකට ලක් කරණ ලදී.

එකී වීඩියෝවට අනුව මහරජ මංගල විසින් ආණ්ඩුව මුහුණපා සිටින දැවැන්ත අර්බුදයන් හමුවේ තම නිරිමාණශීලී දේශපාලනික භාවිතය හරහා තියුණු අතුල් පහරක් එල්ල කරන ලදී…….It means war………..!

මංගලගේ මීළඟ ඉලක්කය කුමක්ද?

‍සැබවින්ම දේශපානික සත්වයකුවන මංගල සමරවීර පාර්ලිමේන්තු දේශපාලනයෙන් ඉවත් උවද ඔහු වටා ගොඩනැගී තිබුණු ජාත්‍යන්තර දේශපාලනික සබඳතා ආයාසයකින් තොරව මැනවින් පවත්වාගෙන යමින් සිටින සැබෑ ලිබරල් දේශපාලනික නායකත්වයක ලක්ෂණයන්ගෙන් පරිපූර්ණ චරිතයකි… සැමදාමත් රටේ ජනතාවටම සේවය කිරීමට පූර්ණ කාළීන දෙශපාලනයක නියලුන මංගල සමරවීර ඉතිහාසය පුරාවට රජුන් තැනීමේ කොන්ත්‍රාත්තුව සද්භාවයෙන් අකුරටම ඉටුකළද ඒ සැවම පාහේ මංගලගේ විස්වාසය කඩකළ ගොන්නට එකතු විය…

එනිසාවෙන්ම මංගල සමරවීර යනු ඕනෑම දේශපාලන ධාරාවක් නියෝජනය කරන ඕනැම තරාතිරමක පුද්ගලයකුට, සංවිධානයකට,පක්ෂයකට එක්ව ක්‍රියාකළ හැකි ප්‍රායෝගික නයකයෙක් බව ඉතිහාසයත්,වර්තමානයත් සාක්ෂි දරණවා ඇත.

මාළුවකු අතට දී එදාවේල න්‍යායෙන් ජනයා සනසනවා විනා ඔවුනට බිලී පිත්තක් දී සෝත්සාහයෙන් අරමුණු ජයගන්නා දැක්මක් ඇතිකිරීමට මංගල තරම් සමතෙකු නැත…

පාර්ලිමේන්තු දේශපාලනය තුළ මංගලගේ කෙරුවාවෙන් බිඳක් !

මාතර දිස්ත්‍රික්ක නියෝජනය කරමින් පාර්ලිමේන්තු දේශපාලනයට එන මංගල සමරවීර එදා මෙදාතුර මහජන දේපල අවභාවිතා නොකළ මහජන ධනය සොරා නොකන ලද ගෞරවනීය දේශපාලකයකු බවට ලභාදිය හැකි උදාහරණයක් නම්……. ඓතිහාසික රුහුණේ මනස්කාන්ත මාතර නගරය මධ්‍යයෙන් මුහුදට එක්වන නිල්වලා ගං කොමළිය මතින් ඉදිව තිබූ පැරණි පාලම නවීකරණය කිරීමට බාර වූයේ කොලොන් නම් කොරියානු සමාගමටය… එකී සමාගම විසින් මාතර අභිමානය මොනවට පැහැදිලි කරමින් දැවැන්ත පාලමක් ඉදිවූයේ මංගල විසින් වෙන්කරගත් ජනතා මූල්‍ය ප්‍රතිපාදන වලිනි.. එසේ ඕනෑම සංවර්ධන ව්‍යාපෘතියකින් අදාල අමාත්‍ය වරයාට වෙන්වන කොමිස් මුදලක් ඇත.. එහෙත් මංගල සමරවීර විසින් ඒ කොමිස් මුදලට සිදුකළ අපුරු ආයෝජයක් විය. එනම් තමාට හිමිවන කොමිස් මුදල යොදවා අදාල සමාගම හරහා විශාල අවශ්‍යතාවක්ව පැවති මාතර නූපේ සංස්කෘතික මධ්‍යස්ථානය නවීන තාක්ෂණයෙන් නිම කිරීමයි…

ශ්‍රී ලංකාවේ විශාලතම අංගසම්පූර්ණ බස් නැවතුම්පොළ ඉදිකිරීම ( මගීන් වෙනුවෙන් රූපවාහිනී ද සවිකොට තිබුණු අතර සුනාමි ව්‍යසනයෙන් අතිවිශාල ජනතාවක් දිවි ගලවා ගත්තේ එම ශක්තිමත් නිර්මාණය නිසාය )

තැපල් හා විදුලි සංදේශ අමාත්‍යවරයා ලෙස ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනක් ලෙස නවීන තාක්ෂණය,සුහුරු තාක්ෂණය හරහා විශාල රැකියා අවස්තා නිර්මාණය කරමින් ජනසන්නිවේදනයේ නව පෙරළියක් ඇති කළේය.

එවක පැවති පැරණි තැපල් කන්තෝරු ස්මාර්ට් පෝස්ට් ඔෆීස් ලෙස ජනතාවට හා සේවකයන්ට වඩාත් කාර්‍යක්ෂම සේවාවන් සැපයියහැකි ආයතන ලෙස වැඩි දියුණු කිරීම.

නාගරික සංවර්ධන අමාත්‍යවරයා ලෙස කොළඹ ඇතුලු දිවයිනේ ප්‍රධාන නගර තුළ මහා මාර්ඝ පද්ධතීන් පුළුල් කරමින් එකී සංවර්ධනයේදී පවරාගත් භූමි වෙනුවෙන් ආකර්ෂණීය වන්දි ලභාදීම.

වරාය අමාත්‍යවරයා ලෙස ශ්‍රී ලංකා වරායේ ස්වර්නම යුගයක් කරා මෙහෙයවමින් විශාල රැකියා අවස්තා නිරිමාණය කිරීම. එමෙන්ම සිංහල දෙමල මුස්ලිම් බර්ගර් මැලේ ලෙස අවස්තාවාදී ජාතිවාදී දේශපාලකයන් හමුවේ වෙන් වී විනාශ වෙන්නට ගිය ජාතීන් අතර නිරන්තර සමගිය පැතූ ඒ වෙනුවෙන් ' සුදු නෙළුම් ව්‍යාපාරය' 'තවලම' අතුරුදහන් වූවන් වෙනුවෙන් ජාතික මව් පෙරමුණ වැනි සංසංවිධාන බිහිකරමින් සියළු ජාතීන් ශ්‍රී ලාංකික ජාතියක් ලෙස එකමිටට එක්සත්ව එක්සිත්ව අනාගතයට සූදානම් කළ සැබෑ දේශප්‍රේමියෙකි…

ඇමරිකන්=බැසිල්ට, ගෝඨාභයට වත් නැති සැලකිල්ලක් මංගලට…..

වත්මන් ශ්‍රී ලංකා ආණ්ඩුවේ ජනපති ඇමරිකානු පුරවැසි භාවය දැරූවෙකි…..එමෙන්ම රටේ මූල්‍ය බලය හිමි ආයතන 51ක් පමණ තම සංතකයේ තබාගෙන පාලනය කරන වත්මන් මුදල් ඇමති බැසිල් රාජපක්ෂ තවමත් ඇමරිකානු පුරවැසියෙක් ලෙස කටයුතු කළද, දුවා දරුවන් පවුල් පිටින් එරට ජීවත් උවද, ඔවුන් කිසිවෙකුටත් රාජත්‍රාන්තික භාවයකින් ගෞරවාන්විත සබඳකම් පැවැත්වීමට ඇති නොහැකියාවට ප්‍රධාන හේතුව නම් තවරාගත් පුස් එමෙන්ම ව්‍යාජ දේශප්‍රේමයයි….

මංගල සමරවීරගේ 30වසරක දේශපාපන ඉතිහාසය පිළිබඳ පැවැත්වූ උත්සවයට පවා ඇමරිකානු රාජත්‍රාන්තිකයන් මෙරටට ගෙන්වා ගැනීමට තරම් ඔහු රාජත්‍රාන්තික නොබැඳි ප්‍රතිපත්ති නියමාකාරයෙන් ඉටුකළ සුවිශේෂී චරිතයකි…. එමෙන්ම එහිදී සමන්තා පවර්ගේ ඇයට හිමි කතාවේ මංගල ගැන කළ සඳහනට අනුව මංගල සමරවීර යනු කෙබඳු රාජත්‍රාන්තික පිළිගැනීමක් සහිත ලෝක දේශපාලනයේත් තම සීමාමායිම් සටහම් කළ නායකකුද යන්න මනාව පිළිඹිබු විය… "දෛනික අවශ්‍යතාව වෙනුවෙ නිවසින් බැහැරව කඩයට ගොස් ආහාර ද්‍රව්‍යක් හෝ නොගෙනෙන, තමා රචනය කරමින් සිටින ග්‍රන්ථය වෙනුවෙන් දිවා රෑ වෙහෙසෙමින් සිටින මොහොතේ සැතපුම් 8000ක් පමණ ගෙවා මා ශ්‍රී ලංකාවට ගෙන්වූයේ" මංගලගේ කළ්‍යාණ මිතුදමට වඩා ඔහුගේ රාජත්‍රාන්තික ක්‍රියාකලාපයත් සැබෑ මානව හිතවාදී ගුණාංගයයන් නිසාවෙනන් ය….

මෙවර මංගලගෙන් විවෘත ආරාධනාව කුමක් අරඹයාද.?

 රට පත්ව ඇති වත්මන් තත්වය තුළ මුහුණපා  සිටින අරාජිකත්වයෙන් මුදවාගැනීමට, බලය වෙනුවෙන් පපුවට ගසා ගන්නා ව්‍යාජ දේශප්‍රේමීන් වෙනුවට සැබෑ  ශ්‍රී ලාංකිකයන් ලෙස ජාති කුළ මළ ආගම් පංති භේදයෙන් තොරව සිතිය හැකි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම 'සැබෑ දේශප්‍රේමීන්' හට මංගල සමරවීර විසින් විවෘත ආරාධනාවක් කොට ඇත…

ඒ රටේ ආනාගතය හෙට දවසේ අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් රැඩිකල් තීන්දු තීරණ යෝජනා මතවාද හා සංවාද කළහැකි වේදිකාවක් වෙනුවෙන් ය…. සැබෑ මානවහිතවාදී සබෑ දේශප්‍රේමී දෙස් විදෙස් සියළු ශ්‍රී ලාංකිකයන්ට ජූලි 25වන ඉරුදින සැබෑ දේශප්‍රේමීන්ගේ මාධ්‍ය සාකච්ඡාව විවෘත වනු ඇත….. ඔබත් සැබෑ දේශප්‍රේමියකු නම් එක්වන්න !

sumusu M 150pxසුමුදු මද්දුමආරච්චි,

මිලානෝ,

ඉතාලිය.