Language Switcher

V2025

ආනයනික පොල්තෙල් වල තිබුණු ඇෆ්ලටොක්සීන් - අංක එකේ පිළිකාකාරකයක් - මාරාන්තිකයි !

ප්‍රධාන පෙලේ ගජමිතුරු  සමාගම් විසින් ගෙන්වන ලද, ලෝක සෞඛ්‍ය සංවිධානය අංක එකේ පිළිකාකාරකයක් ලෙස හඳුන්වන මාරාන්තික ඇෆ්ලටොක්සීන් අඩංගු පොල්තෙල් කිලෝ එක් ලක්ෂ අසූතුන්දහසක් සමස්ථ ශ්‍රී ලාංකික පාරිභෝගියන්ගේ ජීවිත මේවනවිටත් අනතුරේ හෙලා ඇති තත්වයක් උද්ගතව ඇත.

ඇෆ්ලටොක්සීන් යනු කුමක්ද ?

ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය පෙන්වාදෙන අන්දමට ප්‍රධාන වශයෙන් දිලීර වර්ග දෙකක් යොදාගෙන නිපදවන මෙම ඇෆ්ලටොක්සීන් රසායනිකය මානව සෞඛ්‍ය පද්ධතියට ඉතා දැඩි හානි පමුණුවන මාරාන්තික විෂ සහිත අංක එකේ පිළිකාකාරකයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කොට ඇත. තවද ප්‍රධාන වශයෙන් මෙම මාරාන්තික පිළිකාකාරක ඇෆ්ලටොක්සීන් යම් හෙයකින් ශරීරගත උවහොත් මානව ශරීරයේ අක්මාවට එය ඍජුව බලපාන අතර, දිගින් දිගටම ශරීරගත වීමෙන් අක්මා පිළිකා ඇතිවීම සිදුවන අතර ජානමය වෙනස්කම් සිදුවී දරුණු ආබාධ තත්වයන්ටද ගොදුරු වියහැකිය, එමෙන්ම එය ළදරු උපත් වලදී භායානක ආබාධයන්ට ගොදුරු වීමටද වැඩි ඉඩක් ඇති කරයි.

එමෙන්ම ඇෆ්ලටොක්සීන් ප්‍රධාන වශයෙන් ASPERGILLUS FLAVUS සහ ASPERGILLUS PARASITICUS යන දිලීර වලින් නිපදවන අතර කිසිසේත්ම මෙම ඇෆ්ලටොක්සීන් පිළිකාකාරකය රත්කිරීමේදී විනාශ නොවනු ඇත.

ලෝකයේ දියුණු රටවල තහනම් ඇෆ්ලටොක්සීන් ලංකාවේ පාරිභෝගික බදුගෙවන ජනයාට කැපද ?

විශේෂයෙන්ම ලෝකයේ දියුණු රටවල ඇෆ්ලටොක්සීන් භාවිතයට හෝ රට තුළට ගෙන්වීම සපුරා තහනම් කොට ඇත. ඒ වෙනුවෙන් ඒ ඒ රජයන් විසින් රටේ මහජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ප්‍රතිපත්තිමය තීන්ඳු ගෙන ඇත, වර්ථමානයේ එම සෞඛ්‍ය ආරක්ෂක නීතිය මැනවින් ක්‍රියාත්මක වන්නේ යුරෝපා සංගමයට අයත් රටවලය. 

ඕන කුණු ගොඩක් බේරුවල් බොක්කට සේ ගජමිතුරු මහාපරිමාණ ඩීල් ව්‍යාපාරිකයන් අප රටේ මහජනතාවට, රිසි සේ වස විෂ අඩංගු භාවිතයට නුසුදුසු ආහාරද්‍රව්‍ය ආනයනය කරමින් මතු පරපුරේද ජීවිත අනතුරේ හෙළමින් මෙසේ ක්‍රියා කරන්නේ " එක් රටක් එක් නීතියක්" ඇති රටක වීම ගැන අප ආඩම්බර විය යුතුද? ලජ්ජාවිය යුතුද? යන්න පාඨක ඔබ විසින් තීරණය කළයුතුව ඇත.. දැනටමත් ඇෆ්ලටොක්සීන් නම් මාරාන්තික විෂ සහිත පොල්තෙල් කන්ටෙර්නර් 13ක් වෙළඳ පොලට නිකුත්ව ඇති බව විපක්ෂය මෙන්ම ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂද ප්‍රකාශකොට ඇත.

වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය ප්‍රකාශ කරන අන්දමට මේ අධික විෂ සහිත පිළිකාකාරක අඩංඟු පොල්තෙල් මෙරට බදු ගෙවන ජන ජීවිතය අන්තුරේ හෙළීම සම්බන්ධයෙන් වෙළඳ ඇමති බන්ඩුල ගුණවර්ධන හා රජය සම්පූර්ණයෙන්ම වගකිවයුතු නොවේද? ආනයනික පොල්තෙල් වෙත පැනවූ බදු ඉහිල් කිරීමෙන් මෙලෙස ආනයනය කල මහා පිළිකාකාරක පොල්තෙල් තොගයෙන් කොටසක් වෙළඳපොළට නිකුත් කිරීමට සමත් වූ ජගතාට නීතිය ක්‍රියාත්මක විය යුතු නොවේද? ගහෙන් වැටුන මිනිහාට ගොනා ඇන්නා සේ, දැනටමත් දරුණු මාරාන්තික කොවිඩ් 19 වයිරසයකින් බැටකන ජනතාවකට මාරාන්තික පිළිකා විෂ සහිත පොල්තෙල් ආනයනය කළ සමාගම හා ඊට හවුල් වූ සියල්ලන් හෙළිකොට වහාම නීතිය ක්‍රියාත්මක කොට පාස්කු ප්‍රහාරයේ හානියට වඩා අති භයංකර මහා විනාශයෙන් රටේ ජනතාව මුදාගෙන වහාම සෞඛ්‍ය ආරක්ෂිත ආහාර ප්‍රතිපත්තියක් කඩිනමින් ස්ථාපිත කිරීම දේශපාලන අධිකාරියේ වගකීවකි.

sumusu M 150pxසුමුදු මද්දුමආරච්චි,

මිලානෝ,

ඉතාලිය.