Language Switcher

V2025

විල්පත්තුව කරේ තබාගෙන ආ උගත් වියත් බහුතරය අද කොහේද?

අභාග්‍යවන්ත රටක භාග්‍යලා,දේවානිලාගේ භූමිකාව කුමක්ද????

මිහිකතේ ආශ්චර්‍යමත් කොදෙව්වේ නෙක නෙක පාට පුෂ්ප පිපෙනාවූද සදාහරිත මහා වෘක්ෂ තුරු ලතා ඔමරි බැලුම් හෙළමින් සීත පවනැලි විශ්වයට එක් කරන්නේ සොභාදහමට අනුගත මනසින් උසස් මිනිසාට පමණක් නොව නොමිනුසුන් හා සියලු ජීවීන්ටද ජීවය පවත්වාගැනම පිණිසය.        

 ඒ අතර තුර පෙරදිග මුතු ඇටය ලෙසින් විරුදාවලිය ලත් ශ්‍රී ලංකේය භූමිය අදවන විට පෙරදිග අමුතු ඇටයක් වී හමාරය…..

සීඝ්‍රයෙන් විනාශවන මහා පාරිසරික හානියට හේතු කවරේද?.....

පැවති වන ගහනයෙන් මේ මොහොත වනවිට සදාහරිත වන වැස්ම 20%කටත් වඩා අඩුවී සම්පූර්ණයෙන්ම කාලගුණික හා දේශගුණික දරුණු විපර්‍යාස හා වෙනස්වීම් වලට නතු වෙමින් භූගත ජල මට්ටමත් ඔක්සිජන් ප්‍රතිශතයත් සීඝ්‍රයෙන් අඩුවෙමින් පවතී…          

එවන් සන්දර්භයක් අභිමුවේ ඉතිහාසයේ නොවූ විරූ ලෙස මහා සාහසික පාරිසරික පද්ධති ඝාතනය සිදුවන්නේ අහස පොළොව නුහුලනා ජාතිකමය වශයෙන් නොව ඊටත් නොදෙවෙනි ගෝලීය තත්වයේ කතාබහට ලක්වන ආකාරයෙනි..          

 පැහැදිලිවම රාජ්‍ය නිලධාරීන් දේශපාලකයනගේ අනුහසින් සිදුවන මේ මහා ජාතික අපරාධය වහාම නැවැත්වීම වෙනුවට පණිවුඩ කරුවන්ට වෙඩි තැබීමට පාලන ත්‍රන්ත්‍රය යුහුසුළුව ක්‍රියාත්මක වන ආකාරය විරාජමාන වෙමින් ඇත…. ග්‍රීන් ගෝල්ඩ් ( Green Good ) වන් නව සංකල්පමය ක්‍රමවේද හමුවේ ලෝක පාරිසරික විනාශය දූෂණය වෙනුවෙන් ලොවක් එක්ව හඬ නගද්දී අපේ රටේ මිහිකතේ පණ අදින ජීවය සුරක්ෂා කරනට ඉදිපත්වන අභීත පරහිතකාමී පුරවැසියන් භීතියටත් මර්ධනයටත් පටන්ගෙන ඇත…            

 පරිසර වේදීන් පෙන්වාදෙන අන්දමට මේ සාපරාධී සංවේදී  පාරිසරික සම්පත් විනාශයට ඍජුවම ප්‍රාදේශීය මට්ට්මේ සිට ජාතික තලය දක්වා දේශපාලකයන්,නිලධාරීන් හා ගජමිතුරන් සම්බන්ධව ඇතත් මේ වනතුරු ඔවුන් හට නීතිය ක්‍රියාත්මක වීමක් නොමැත.

අභාග්‍යසම්පන්න වකවානුවක 'භාහ්‍යාවකගේ හඬ නිහඬ කරන අපූරුව දුටුවාද?......

පසුගිය දිනක 'සිරස ලක්ෂපති' වැඩසටහනට සහභාගීවූ රක්වානේ සිට පැමිණි වයස අවුරුදු 19ක භාග්‍යා දියණිය තාරුණ්‍යයේ වගකීම හා වගවීම මනාව අවබෝධ කරගෙන ලෝක උරුමයක් වන සිංහරාජ සදාහරිත ජෛව විවිධාත්මක පරිසර පද්ධතියටවන හානිය ඉතා සංවේදීව,පරාතකාමීව හා අභීතව ජනගත කෙරුණි…

පැය විසිහතරක් ( 24 ) යන්නට මත්තෙන් භාග්‍යා දියණියට ' එක් රටක් එක් නීතියක්' ක්‍රියාත්මක වීම ඇරඹිනි...ඒ භාෂණයේ නිදහසත් පුරවැසියෙක් ලෙස අයුක්තිය අසාධාරණය මෙන්ම වන සතුන් හා වෘක්ෂලතා ආරක්ෂා කිරීමට කශේරුකාවක් සහිතව තම හඬ අවදි කිරීමට එදිරිවය….          

මාධ්‍ය කීපයකින් හා සමාජ මාධ්‍ය ජාලා හරහා සියලු සාක්ෂි සහිතව සමාජගත කෙරුණ මේ මහා සාපරාධී අපරාධය හෙළිකිරීමේ වරදට අද ඇයට අත්වෙමින් පවතින ඉරණම අති සෝචනීය,නින්දිත හා බියගුලු එකකි.          

පසුගිය කාලවකවානුව මුලුල්ලේම සහසික ලෙස පාරිසරික ඝාතන රැල්ලට එරෙහිව තනි අරගලකයක නියලුන රාජ්‍ය නිලධාරිනියකවන දේවානී ජයතිලක මහත්මියටද මුහුණ දීමට සිදුවූ ඉරණම, මේ සාපරාධී වන විනාශයට රාජ්‍යයේ සබැඳියාව මොනවට කියාපනු ඇත…       මෙසේ මහා වන විනාශයන්ට එදිරිව හඬ නගන සොභාදහමට රටේ නීතියට හා හෘදය සාක්ෂියක් සහිතව කයුයුතු කරන පුරවැසියන්ගේ හඬ නිහඬ කරන්නට ගන්නා නිර්ලජ්ජිත රාජ්‍ය මැදිහත්වීම එකී විනාශය සිදුකරන පාර්ශව වෙනුවෙන් ක්‍රියාත්මක නොවෙන්නේ මන්ද?.

විල්පත්තුව අභයභූමියේ පරිසර විනාශයට මුහුණුපොතේ ෆ්‍රොෆයිල් පිංතූර වෙනස් කරමින් එක් රටක් එක් නීතියක් තුළ පරිසරය රකින්නට ආ උගතුන් වියතුන් අද අන්ත්‍රස්දාන වී ඇත.. 

 එසේම ඒ මහා ජාතික අපරාධ වලට දැඩි දඬුවම් කරනට ආ පාලකයෝ අදවනවිට ප්‍රේරණ කලාපවල කෝමාරිකා වවන්නට බහුජාතික සමාගම් වලට ඉඩම් ලභාදී වගේ වගක් නොමැතිව රට පුරා ඇති වන සම්පත, ජලභීතිකාව වැලඳුන සුනඛයන් දකින දකින අය සපාකනවා මෙන් වනසමින් සිටී….

කිසිදා නොවූලෙස රාජ්‍ය නිලධාරීන් මැදිහත්ව පරිසර විනාශය සිදුකරන බව කී කමල් ගුණරත්නගෙන් ප්‍රකාශ සටහන් කරගන්නට යනවාද?........

පසුගිය දිනක ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න විසින් මාධ්‍යට අදහස් දක්වමින් ප්‍රකාශ කරසිටියේ දැවැන්ත පාරිසරික,වන විනාශයක් මේ මොහොතේ සිදුවෙමින් පවතින බවත් රාජ්‍ය නිලධාරීන් එයට හවුල් වවත් ඔවුන් සමග කිට්ටුවෙන් වැඩ කල හිමි නමක්ද වන විනාශයේ නියැලෙමින් සිටින බවය.              

එහෙත් තාරුණ්‍යයේ වගකීම හා වගවීම,පුරවැසි අයිතියක් ලෙස සලකමින් ලෝක උරුමයක්වන සිංහරාජයේ අති සංවේදී පාරිසරික කලාපයේ අලි මංකඩවල් හරස් කරමින් ස්වාභාවික දිය කඩිති විනාශ කරමින් ඉදිවන තානායම් ගැන රටට අනාවරණය කළ ඒ මිහිකතට ණය නැති දියණිය පසුපස අද රාජ්‍ය මැදිහත්වීමෙන් මෙසේ ලුහුබඳිනේ කවුරුන් ආරක්ෂා කරනු පිණිසදැයි වහා රටට හෙළිකල යුතුය. එමෙන්ම හුදෙක් මේ මහා සාපරාධී සංවේදී පාරිසරික ඝාතන රැල්ලට එරෙහිව යුක්තිගරුක නීතිගරුක හා සොභාදහමට ආදරය කරන පුරවැසියන් ලෙස පෙරට අවුත් මතු පරපුරේ අනාගතය වෙනුවෙන් මිහිකතේ අසිරිය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට කාළය බව අවදාරණය කරමු.

sumusu M 150pxසුමුදු මද්දුමආරච්චි

මිලානෝ, ඉතාලිය.