Language Switcher

V2025

මුසාමිල්ට කොළඹට තරග කිරීමට ඉඩනොදීම අර්බුදයක් වෙලා !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ පුරපති අපේක්ෂකයා ලෙස අසාඩ් සාලි මහතා ඉදිරිපත්වන හෙයින් තමාට ඔහු තරග කරන කොට්ඨාශයෙන් තරග කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස කොළඹ හිටපු නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා විසින් කල පළාත් පාලන මැතිවරණ නාමයෝජනාවලට පෙර කල ඉල්ලීම එජාපයේ ඇතැමුන්ගේ බලපෑම් මත ප්‍රතික්ෂේප වීම මේවනවිට එම පක්ෂයේ අභ්‍යන්තර අර්බුදයක් දක්වා වර්ධනය වෙමින් පවතිනබව 'සිරිකොත' එජාප මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

මුසම්මිල් මහතා එම යෝජනාව ඉදිරිපත්කර ඇත්තේ, තමා මැලේසියානු මහ කොමසාරිස් ධුරයෙන් ඉල්ලා අස්වීමට සුදානම් බවටත්, ජයග්‍රහණයකින් පසු කිසිඳු විටෙක නගරාධිපති ධුරය බලාපොරොත්තු නොවන බවටත් සහතික වෙමිනි.

එජාප කොළඹ දිස්ත්‍රීක් නායක රවී කරුණානායක, පක්ෂයේ සභාපති අමාත්‍ය මලික් සමරවික්‍රම හා මහ ලේකම් අමාත්‍ය කබීර් හෂීම් යන මහත්වරුන් එම යෝජනාවට එකඟතාවය පළකර ඇතත් ප්‍රබල විරෝධයක් හමුවේ එම යෝජනාව ප්‍රතික්ෂේප වී තිබේ.

මෙය එජාපයට හිතවත් ප්‍රබල මුස්ලිම් පිරිසකගේ කනස්සල්ලට හේතුවී ඇත.

එසේම, ශ්‍රීලනිපයේ උවමනව මත අමාත්‍ය මනෝ ගනේෂන් මහතා වෙනම තරග කිරීම ද එජාප කොළඹ සුළු ජන ඡන්ද පදනමට බරපතල බලපෑමක් එල්ලකර තිබේ.

මෙය බරපතල දේශපාලන කාරණයක් වී ඇත්තේ, අලුත් පළාත් පාලන මැතිවරණ ක්‍රමය තුල කොළඹ ඇතුළු පළාත් පාලන ආයතන රාශියක ආණ්ඩු පිහිටුවීම ගැටලුවක්වීමේ අවධානමක් මතුව තිබෙන තත්ත්වක් තුලය.

 ඇමති චම්පිකගේ විග්‍රහය මෙන්න :

champika 2 1000x

''පළාත් පාලන ආයතනය රාශියක ආණ්ඩු පිහිටුවීම ප්‍රශ්ණයක් වෙනවා ''

මේ අතර, බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසන්නේ, පළාත් පාලන ප්‍රතිඵලය කවරක් වුවත් පළාත් පාලන ආයතනය රාශියක ආණ්ඩු පිහිටුවීම ප්‍රශ්ණයක් බවයි.

සිය ෆේස්බුක් පිටුවට ඔහු කළ අදහස් දැක්වීමක මේ බව සඳහන් වෙයි.

එසේම ප්‍රධාන දේශපාලන පක්ෂ රාශියක ඉරණම තීරණය වන මැතිවරණයක් ලෙස පළාත් පාලන මැතිවරණය හැඳින්විය හැකි බවත් ඔහු පවසයි.

“2018 වර්ෂය කිසියම් ආකාරයකට ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍ෂෙත්‍රයේ සංක්‍රමණික වර්ෂයක්. මේ වර්ෂයේ පෙබරවාරි මාසයේ පළාත් පාලන මැතිවරණය පැවැත්වෙනවා. පළාත් පාලන මැතිවරණවල ප්‍රතිපල කවරක් උනත් පවතින ඡන්ද ක්‍රමය නිසා පළාත් පාලන ආයතන සැලකිය යුතු ප්‍රමාණයක ආණ්ඩු පිහිටුවීම ප්‍රශ්නයක් වී තිබෙනවා.

ඒ අනුව පක්ෂ අතර ඇතිවන එකඟතාවයෙන් යුතු පළාත් පාලන ආණ්ඩු ඇතිවන බව නම් දැන් තබාම කිව යුතුයි.

ඒවගේම මේ ක්‍රියාවලියත් සමග ප්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයේම, එක්සත් ජාතික පක්ෂයේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒ වගේම එක්සත් පොදු පෙරමුණේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පක්ෂයේ මේ සියළුම දෙනාගේ දේශපාලන ඉරණම මෙයින් තීන්දු වෙනවා.

බොහෝ දෙනෙක් තමන් බලගතුයි, තමන් හොල්ලන්න බැහැයි කියා සිතුවට මේ මැතිවරණයේදී ඔවුන්ට එක්තරා ආකාරයකට පොදු ජනතාවගේ තීන්දුව පෙන්න පටන් ගන්නවා.

මහජන රැළිවලට ලක්‍ෂ ගණන් සෙනග සල්ලි දීලා, බස් දාලා අද්දවගෙන ආවට මොකද ජනතාවගේ තීන්දුව ඊට වඩා වෙනස් බව 2015 දී ඔප්පු උනා”

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found