Language Switcher

V2025

මෙරට සිනමාවට අද්විතිය සේවයක් කළ ජී.ආර්. පද්මරාජ් අභාවප්‍රාප්ත වෙයි

මෙරට චිත්‍රපට ක්ෂේත්‍රයට අද්විතිය සේවයක් කළ නිෂ්පාදකවරයෙකු මෙන්ම සුප්‍රසිද්ධ ව්‍යපාරිකයකු වූ ජී.ආර්. පද්මරාජ් මහතා අභාවප්‍රාප්ත විය.

CEL සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවන ජී.ආර්.පද්මරාජ් ඊයේ ජිවිතක්ෂයට පත්ව ඇත්තේ, ඉන්දියාවේ දී ශල්‍යකර්මයකට රෝහල්ගතව සිටියදී ය.

මියැදෙන විට ඔහුගේ වයස අවුරුදු 69 කි.

ඔහු ලංකාවේ ජනප්‍රියම සිනමා සමාගමක වන 'සිනමාස්' සමාගම මෙන්ම හැඳල විජය චිත්‍රාගාරයේ අයිතිකරු වන කේ ගුණරත්නම්ගේ පුතණුවන්ය.

ගුණරත්නම් රබින්ද්‍රනාත් පද්ධමරාජ් මහතා 1951 වසරේ කොළඹදී උපත ලැබුවේ ය.

ගල්කිස්ස ශාන්ත තොමස් විද්‍යාලයේ ආදි සිසුවකු වන පද්මරාජ් මහතා දරුවන් තිදෙනෙකුගේ පියෙකි.

තම පියාගෙන් උරුම වූ කේ ජි ආයතනය මෙන්ම සැෆයාර්, කිංග්ස්ලි, කැපිටෝල්, බොරැල්ල ලිඩෝ, මහනුවර වෙම්බ්ලි, මීගමුවේ රාජ්, යාපනයේ ලිඩෝ, අම්පාර හා මඩකලපුව විජයා ඇතුළු සිනමාහල් රාශියක හිමිකරු වන ආර් පද්ම රාජ ‍ක්ෂේත්‍රයේ නිහතමානී පුද්ගලයකු ලෙස සැලකේ.