Language Switcher

V2025

ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල බේරාගන්නා මෙහෙයුම අරඹයි

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටීම වළක්වා ගැනීම සඳහා ඩොලර් මිලියන 136.65 ක් වෙළෙඳපොළට නිකුත් කළ බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පවසයි. 

මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ  (11) මහ බැංකු පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය.

මෙම කාලපරිච්ඡේදයේ දී ඩොලර් මිලියන 30 ක් වෙළෙඳපොළෙන් මහ බැංකුව මිල දී ගත් බවත් මේ අනුව රුපියල ආරක්ෂා කිරීම සඳහා ශුද්ධ වශයෙන් ඩොලර් මිලියන 100 ක් මහ බැංකුව වියදම් කර ඇති බවත් මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.