Language Switcher

V2025

අඩු මිලට තෙල් දීලා : සංස්ථාවේ පාඩුව රුපියල් බිලියන 217යි

අඩු මිලට ඉන්ධන සැපයීම හේතු කොට 2017 වසරේ  ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් බිලියන 217 ක අලාභයක් ලබා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු ආරංචිමාර්ග සඳහන් කරයි.

එසේම මහ බැංකුව පෙන්වා දෙන්නේ මීට වසර දෙකකට පෙර ලෝක වෙළෙඳපොළේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 48ක මට්ටමේ පැවතුණ ද එය මේ වන විට ඩොලර් 80ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවත් නමුත් අඛණ්ඩව වසර දෙකක් අඩු මිලට තෙල් සැපයීම සිදුකරන්නට ඛනිජ තෙල් සංස්ථාව කටයුතු කර ඇති බවය.

එසේම මෙරට තෙල් සැපයුමෙන් 80% ක් පමණ ඛනිජ තෙල් සංස්ථාව සිදුකිරීමත් පසුගියදා IOC සමාගම සිය තෙල් මිල ඉහළ දැමීමත් හමුවේ ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන සඳහා ඉල්ලුම වැඩිවී ඇති බවත් ඒ හමුවේ පවතින අලාභය තවත් වැඩිවීමේ අවධාමනක් පවතින බවත් ශ්‍රී ලංකා මහ බැංකු ආරංචිමාර්ග පෙන්වා දෙයි.

තවද ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් රාජ්‍ය බැංකු වෙත රුපියල් බිලියන 300ක් පමණ ණය ගෙවීමට තිබෙන අතර රජයේ ආයතන වෙතින් තෙල් සංස්ථාව වෙත විශාල ණය මුදලක් ගෙවීමට තිබෙන බවත් මහා බැංකුව සඳහන් කරයි. 

සංස්ථාව දැවැන්ත අලාභයකට මුහුණ දෙමින් සිටින  මේ තත්ත්වය රටේ ආර්ථිකයට බලවත් තර්ජනයක් විය හැකි බැවින් ඒ සඳහා කඩිනම් විසඳුමක් ලබාදිය යුතුව ඇති බවද එම ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

කෙසේ වුවත් ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාම කෙසේ වුවත් රටේ තෙල් මිල ඉහළ නොදැමිය යුතු බවට ඇතැමුන් ව්‍යාජ අදහස් සමාජගත කරමින් සිටින බවද එහි ඉහළ නිලධාරියෙකු පැවසීය.

එහෙත් ඇත්ත කතාව වන්නේ මිල අඩුවට සංස්ථාව තෙල් සපයන්නේ පාඩුව දරාගෙන බවත් එම දාරගත් පාඩුව නැවත ගෙවීමට සිදුවන්නේ ජනතා බදු මුදල්වලින් ඇතුළු රාජයේ මුල්‍ය මුලාශ්‍ර වලින් බවද ඔහු අන්දහන් කරයි. එසේම ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළයාම ලංකා රජයට පාලනය කළ හැකි තත්ත්වයක් නොවන බවත් සඳහන් කළ එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ දේශපාලනය කරන උදවිය බලය සඳහා කියන විවිධ කතා සමඟ තෙල් මිල ප්‍රශ්නය පටළවා නොගත යුතු බවය.